Connect with us

world-news

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ආර්. කේ. සිංග් මහතා හමුවෙයි…

Published

on

අද (17) දහවල් ඉන්දීය සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී එරට නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආර්. කේ . සිංග් මහතා හමු වී තිබේ. එහිදී දෙරට අතර සහයෝගිතාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

සිරියාවේ විදුලිය සහ ජල පහසුකම් ඇණහිටි…

Published

on

By

කුර්දි සටන්කාමීන්ට එල්ල කරන තුර්කි ප්‍රහාර හමුවේ උතුරු හා නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවල බලශක්ති මධ්‍යස්ථාන විනාශ වී ඇති හෙයින් සිරියාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිය සහ ජල පහසුකම් ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තුර්කිය විසින් 2019 ඔක්තෝම්බර් සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ කුර්දි පාලනය යටතේ පවතින උතුරු හා නැගෙනහිර සිරියාවේ තෙල් බිම්, ගෑස් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර 100 කට වඩා එල්ල කර ඇත.

පවතින තත්ත්වය හමුවේ පාසල්, ළමා නිවාස, රෝහල් සහ අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛත්වය දෙමින් සෑම දිනකම ජල ටැංකි මගින් ජලය බෙදා හැරීම සිදුකරන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Continue Reading

world-news

ඉන්දියාවෙ බිහිසුණු අනතුරක්.. ජීවිත 36ක් බිලි වෙයි..

Published

on

By

ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියා
අනතුර හේතුවෙන් මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබුවෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වන අතර මෙම අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කර තිබේ.

හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.

Continue Reading

world-news

5 දෙනෙකුට දිවි අහිමි කල මෝටර් රථ – දුම්රිය අනතුර..

Published

on

By

පෝලන්තයේ මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුරින් වාහනයේ සිටි මගීන් පස්දෙනා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර ඉන් තිදෙනෙකු කුඩා ළමුන් වන බව සඳහන් ය.

අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Continue Reading

ප්‍රවණතාවන්