
චීනයේ ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගම් 3ක් වන චයිනා මොබයිල්, චයිනා ටෙලිකොම් සහ චයිනා යුනිකොම් හොං කොං සමාගම් නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ එම සමාගම් චීන හමුදාව සමග සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වීමත් සමඟයි.
මෙම සමාගම් වල කොටස් වෙළෙඳාම ලබන සතියේ සිට නවතා දැමීමට නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
මෙම තීරණය අමෙරිකා – චීන මත ගැටුම් තවත් උත්සන්න කිරීමට හේතුවනු ඇතැයි සැලකේ.