292 views 0 secs 0 comments

නව කැබිනට් අමාත්‍යවරු 4ක් පත් කෙරේ…

In Local News, Politics
May 14, 2022

අද(14) පස්වරුවේ නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව, විදේශ කටයුතු ඇමති ලෙස ජී.එල්. පීරිස් මහතා ද, විදුලිබල හා බලශක්ති ඇමති ලෙස කංචන විජේසේකර මහතා ද, නාගරික සංවර්ධන හා නිවාස ඇමති ලෙස ප්‍රසන්න රණතුංග මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ද දිවුරුම් දුන්නේය.