210 views 0 secs 0 comments

එක්ස්ප්‍රස් පර්ල් ගැඹුරු මුහුදට…..

In Local News
June 02, 2021

“එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම කටයුතු සඳහා ගලවාගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැපයීමට නාවික හමුදාවේ කණ්ඩායමක් නැවට පිවිසි බවය.

කෙසේ වෙතත් මේ වන විට නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව ද, මෙහෙයුම් කෙතරම් සාර්ථක වේද යන්න නිශ්චිතව කිව නොහැකි බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.