89 views 5 secs 0 comments

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ…

In Local News
March 11, 2025

පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි අතර. විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතීමෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ක්ෂණික ඇමතුම් – 1911
දුරකථන අංක – 0112784208, 0112784527, 0112785922, 0112784422