අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව ප්‍රකාශ කළා..
සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන බවව්ද, පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
