Connect with us

Local News

උතුරු දුම්රිය හෙට සිට යලි ධාවනයට..

Published

on

කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතාකරන මෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන සිදුකර ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

කාළගුණ වාර්තාව…

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Continue Reading

Local News

නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටී තරුණියක් ජීවිතක්ෂයට….

Published

on

By

ඉකුත් 29 දින රාත්‍රියේ නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 9වන මහලෙන් ඇද වැටී 29 හැවිරිදි තරුණියක් මරණයට පත් වී තිබෙනවා. ඇද වැටීමෙන් අනතුරුව තරුණියව රෝහලට ඇතුලත් කරන විටත් මෙම තරුණිය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

කෙසේ වුවද මෙය සියදිවි නසා ගැනීමක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව පොලිසීය සඳහන් කර සිටියා

Continue Reading

Local News

‍දුම්රිය ස්ථානාධිපති සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානමක්..

Published

on

By

ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ. ඒ දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.

ඊයේ (28) දිනයේ සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටියා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

Continue Reading

ප්‍රවණතාවන්