164 views 0 secs 0 comments

දකුණු ඉන්දීය නළු විජේගේ මංගල දේශපාලන රැලිය…

In World News
October 28, 2024

දකුණු ඉන්දීය සිනමාවේ රංගන ශිල්පියෙක් වන විජේ, තම නායකත්වයෙන් යුතු තමිලග වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්විය.

තමිල්නාඩුවේ වික්‍රාවන්ඩි හිදී පැවති මෙම රැලියට අති විශාල ජනකායක් රැස්ව සිටි අතර, තමිල්නාඩුවේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක, ද්වි පක්ෂ දේශපාලනයට තිත තබා ප්‍රාන්තයේ ප්‍රධාන බලවේගය වීම සිය අපේක්ෂාව බව එහිදී අදහස් පළකළ විජේ අවධාරණය කර සිටියා.