
බටපොළ දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී එම ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇති අතර එම අනතුරින් මියගොස් ඇත්තේ 39 හැවිරිදි බටපොළ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මේ අතර මීගමුව දුම්රියපොළ මාර්ගයේ තීල්ලන්දූව දෙස සිට දුම්රියපොළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ. ඉන් බරපතළ තුවාල ලැබූ 51 හැවිරිදි යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.