
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය සඳහා අද දිනයේ පමණක් පාර්ලිමේන්තුව රැස්වන අතර විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නැවත පාර්ලිමේන්තුව ඔක්තෝබර් 04 වන දින රැස්වීමට නියමිතයි.