61 views 0 secs 0 comments

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මලු ලබාදීමට වැඩ පිළිවෙලක්…

In Local News
April 28, 2025

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ට අයත්, මෙතෙක් භාර නොගත් ගමන්මලු නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පැවසුවේ, එම ගමන්මලු අද (27) සහ හෙට (28) මහනුවර වැව රවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක ස්ථානයේදී අනන්‍යතාව තහවුරු කර ලබාගත හැකි බවයි.

එම වැඩපිළිවෙළ සිදු කෙරෙන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් ය.