64 views 0 secs 0 comments

ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ අවසන් කටයුතු අඟහරුවාදා…

In Local News
April 28, 2025

වේගරිද්ම ගීත ඇතුළු ගීත රැසකින් මෙරට ශ්‍රාවකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඊයේ (27) අලුයම සිය ජීවන ගමනට සමුදුන් අතර එම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය.

ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණි.

නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ වැනි ගීත ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පත් සමන් ද සිල්වා මහතා ගායන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේදිය.

ඔහුගේ වේග රිද්ම කලාව නිසා ඔහු කලක් මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට පත්ව තිබුණි.

බදුල්ල පස්සර ප්‍රෙද්ශයේ උපත ලැබූ ඒ මහතා පානදුර සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරා තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා 26 වනදා රාත්‍රියේ ඇතිවූ හදිසි රෝගි තත්වයක් හේතුවෙන් වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර තිබේ.