Connect with us

Local News

ලෝක රන් මිල ඉහළට…….

Published

on

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (අප්‍රේල් 11) අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රන් අවුන්සයකට මේ දක්වා වාර්තා වී ඇති ඉහළම මිල විය හැකි බවටත් සැක කෙරේ.

මෙම දැඩි මිල ඉහළ යාමට හේතුවක් ලෙස, චීනය සහ අමෙරිකාව අතර තද වන වෙළඳ යුද්ධය හා එය මත ඇතිවන ආර්ථික අනතුරු මත ආයෝජකයන්ගේ අවදානය ආරක්ෂිත වත්කම්වලට හැරවීම දැක්වෙයි.

මේ මගින් රන් සංචිතවලට ඉහළ ඉල්ලුමක් පවතින අතර, එය ලෝක වෙළෙඳපොළේ මිලට සෘජුවම බලපා තිබේ.

අද (11) කොළඹ රන් වෙළෙඳපොළේ, කැරට් 22 රන් පවුමක් – රු. 235,500 කැරට් 24 රන් පවුමක් – රු. 256,000 ලෙස දැක්විණි. මෙය මෙරට දී පෙර වාර්තා වූ මිලවලට වඩා සැලකිය යුතු ලෙස ඉහල අගයක් වේ.

ලෝක භාණ්ඩ වෙළෙඳපොළේ ඇතිවන මෙවැනි මිල වෙනස්වීම්, ආදාන මිලදී ගැනීම් සහ ආභරණ ව්‍යාපාර සඳහාද සෘජු බලපෑම් ඇති කළ හැක.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

තංගල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

Published

on

By

තංගල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය 2025 අප්‍රේල් 13 දින අළුයම කුඩාවෙල – තංගල්ල ප්‍රධාන මාර්ගයේදී සිදුවූ අතර, සැක සහිත ලෙස හැසිරුණු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙය හෙළි වී ඇති බව වාර්තා වේ.

පරීක්ෂණයේදී රථයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 0.72ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 0.28ක් සහ සෙට් ටයිට් දුරකථන කිහිපයක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 34 සහ 35 වන අතර ඔවුන් පිලිඳුළ සහ ගුන්නාපණ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙදෙනාම රියදුරු සහ රියසහායකයෙකු බව පොලිසිය පෙන්වා දෙයි. මෙම රථය නවතා පරීක්ෂා කළ අවස්ථාවේ තෙවැනි සැකකරු පලා ගොස් ඇති අතර, ඔහු සෙවීම සඳහා පොලීසිය වැඩිදුර පියවර ගෙන තිබේ. තවදුරටත් විමර්ශන කටයුතු තංගල්ල පොලිසිය මගින් සිදුකරමින් පවතී.

Continue Reading

Local News

දේශබන්දුගේ චෝදනා විමර්ශනයට කමිටු සාමාජිකයින් පත් කිරීම එළැඹෙන සතියේදී…

Published

on

By

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පත් කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයින් නම් කරන ලෙස කථානායකවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇත.

මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකු පත් කළ යුතු අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ද සාමාජිකයෙකු වනු ඇත. තෙවැනි සාමාජිකයා වශයෙන් අගමැති සහ විපක්ෂ නායකයාගේ එකඟත්වයෙන් වෘත්තිකයෙකු නම් කලේය.

විමර්ශනයෙන් අනතුරුව කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම නිර්දේශ පදනම් කරගෙන පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

Continue Reading

Local News

අලුත් අවුරුද්දු නැකැත් සීට්ටුව…

Published

on

By

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට දැන් ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. අද (13) පුරාණ අවුරුද්දට අයත් කෝනම් දිනය ලෙස සැලකේ.

සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කිරීමත් සමඟ අලුත් අවුරුද්ද උදාවෙන්නේ හෙට (14) අලුයම 03.21 ටයි.

ජෝතිෂ්‍යය අනුව:

  • අද රාත්‍රී 08.57 ට පුණ්‍ය කාලය ඇරඹේ. ඒ අනුව එයට පෙර සියලු දේ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසුය.
  • අද (13) පරණ අවුරුද්ද වෙනුවෙන් දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම නිවැරදිය.
  • ආහාර පිසීමේ නැකත – හෙට උදෑසන 04.04 ට.
  • තඹ වර්ණ ඇඳගෙන දකුණු දිශාවට මුහුණලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබත්, කැවිලි, කිරි සහ විලඳ පිසීම සුදුසුය.
  • වැඩ ඇල්ලීම, ගණුදෙනු, ආහාර අනුභවය – හෙට (14) උදෑසන 06.44 ට.
  • මුතු සහ ශ්වේත වර්ණ ඇඳගෙන, දකුණු දිශාවට මුහුණලා එම කටයුතු සිදු කළ යුතුය.
  • හිසතෙල් ගෑමේ නැකත – අප්‍රේල් 16 බදාදා උදෑසන 09.04 ට.
  • රැකීරක්ෂා පිණිස පිටත් වීමේ නැකත – අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා උදෑසන 09.03 ට යෙදේ.

මේ අතර අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගමන් කරන ජනතාව වෙනුවෙන් අද දිනයේදීත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

Continue Reading

ප්‍රවණතාවන්