180 views 0 secs 0 comments

ඉන්දීය විදේශ කටයුතු ඇමති හා අලි සබ්රි අතර හමුවක්…

In Local News
January 20, 2023

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඊයේ (19) රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමුවී තිබේ.

එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට ආයෝජන ප්‍රවාහයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ආචාර්ය එස්.ජයිශංකර් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.