Connect with us

Local News

දුරකථ​න සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්…

Published

on

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ජංගම දුරකථ​න සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු බව එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

තමන්ගේ හැඳුනුම්පත යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වී ඇත්නම් එවා වහාම අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් #132# අංකය ඇමතීමෙන් තොරතුරු තහවුරුකරගත හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියා

සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ පළමු අදියර සඳුදා (නොවැ 13) සිට සෙනසුරාදා (නොවැ 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන අතර අනෙකුත් ජ]ංගම සේවාවන් පැවැත්වෙන දිනයන් හා වෙලාවන් පහත නිවේදනය පරිදි වේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ඉන්දීය විදේශ කටයුතු ඇමති හා හිටපු ජනපති අතර විශේෂ හමුවක්..

Published

on

By

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ජාවක නිරත විය.

සිය ධූරකාලයක තුළදී ඉන්දියාව සමඟ පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කලා.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙම හමුව කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදී පැවැත්විණි.

Continue Reading

Local News

ජනපති හා ඇමරිකානු තානාපතිනි අතර හමුවක්..

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් වන අතර, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

Continue Reading

Local News

බස්ගාස්තු සංශෝධනයක්….

Published

on

By

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් kara කර සිටි අතර මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක් වේ.

Continue Reading

ප්‍රවණතාවන්