139 views 1 sec 0 comments

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම්..

In Local News
November 10, 2023

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර ඇත.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්.එම්.සේනාරත්න මහතා මාතර හා හම්බන්තොට දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන ලෙස ස්ථාන මාරු කර තිබේ.