127 views 2 secs 0 comments

චීන ජනාධිපතිගේ ඇමරිකානු සංචාරය එළඹෙන 14 වැනිදා…

In World News
November 10, 2023

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුවයි.

චීන ජනපතිවරයා ආසියානු – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවේ රාජ්‍ය නායක රැස්වීමට ද එක් වීමට නියමිත බව වාර්තා වන අතර 15 වැනිදා ඔහු සහ බයිඩන් අතර ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying අද (10) මේ බව නිවේදනය කළාය.

එමෙන්ම ෂී ජින් පිං APEC නායකයන් ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද සහභාගි වනු ඇති බව ද සඳහන් වේ.