236 views 1 sec 0 comments

ICC ය අත්හිටුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය …

In Local News, Sports
November 10, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බව අද (10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස් වූ මණ්ඩලයේදී තීරණය කර ඇති බව සඳහන් වේ.

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහතික විය යුතු බව එහි දැක්වේ.

අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.