661 views 0 secs 0 comments

පළා ගිය කොවිඩ් ආසාදිතයා…

In Local News
January 22, 2021

ඊයේ (21) දිනයේ දී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා.
ඔහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 25 හැවිරිදි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බවට සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වී තිබේ. පසුව එම පුද්ගලයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යෑමට කටයුතු සුදානම් කර තිබිය දී මෙලෙස පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් මේ වන විට කටුනායක පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.