
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරා ගත් සංචාරක සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලදී මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.
නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පමණක් මෙම ක්‍රමවේදය බලපැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.