ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇති බව ප්‍රකාශ කර සිටියා.
හිටපු ජනාධිපතිවරයා රටින් පිටවුයේ සුන්දර පරිසරයක් යටතේ නොවෙන බවත් එතුමන් නැවත පැමිණෙනවා නම් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සැපයිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට පිළියෙල කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.
