
රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වයට විසදුම් ලබා දීම අරමුණු කරගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම උදෙසා විපක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් අතර හමුවක් අද(12) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම කමිටුව රට ගොඩනැගීම උදෙසා වූ පොදු වැඩපිළිවෙලක් ඔස්සේ තීරණාත්මක කාල පරාසයක් උදෙසා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් ස්ථාපිත කොට තිබේ.