171 views 0 secs 0 comments

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර අගමැතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දිය යුතුයි – අනුර

In Local News
July 12, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවසාන රාජකාරිය ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර අගමැතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතු බවත්, එසේත් නොවුවහොත් පාර්ලිමේන්තුවෙන් ඔහුට වැඩබලන ජනාධිපති ලෙස පත්වීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙනවා.

කෙසේ හෝ ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත්, යළිත් ජනතාවට පාරට පැමිණ රනිල් වික්‍රමසිංහ පළවා හැරීමට කටයුතු කිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

රට සහ ජනතාව විශාල වශයෙන් හෙම්බත් වී ඇති පසුබිමක එවන් වියවුල්කාරී තත්ත්වයකට නැවතත් රට පත් නොකරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.