1002 views 1 sec 0 comments

ලොව ධනවත්ම පුද්ගලයා එලොන් මස්ක්..

In World News
January 07, 2021

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ශ්‍රේණිගත කිරීමක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය මත ව්ව්ව්.අමzඔන්.cඔම් හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඉදිරියෙන් සිටියත් එලෝන් මස්ක්ට හිමි විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කොටස් මිල අද ඉදිනයේදී 4.8% කින් ඉහළ යාමත් සමගම ඔහු ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වුවා.

දකුණු අප්‍රිකාවේ උපන් ඉංජිනේරුවරයාගේ ශුද්ධ වටිනාකම නිව් යෝර්ක්හි වේලාවෙන් උදෑසන 10: 15 වන විට ඩොලර් බිලියන 188.5 ක් වූවා. 2017 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ලොව ධනවත්ම පුද්ගලයාට හිමි ස්ථානය හිමි කර ගෙන සිටි ජෙෆ් බෙසෝස් ගේ සමස්ත ආදායමට වඩා එලෝන් මස්ක් ගේ සමස්ත ආදායම ඩොලර් බිලියන 1.5 කින් ඒ වන විට ඉහළ ගොස් තිබූණා.

මෙම සන්ධිස්ථානය සඳහා එලෝන් මස්ක් පැමිණියේ ගතවූ මාස 12 ක කාලය තුලදී ඔහු අසාමාන්‍ය ලෙස ඉදිරියට පැමිණීමත් සමගයි. පසුගිය වසර තුළ ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 150 කට වඩා වැඩි වූයේ ඉතිහාසයේ වේගවත්ම ධනය ඉපැයූ පුද්ගලයා බවට පත් වෙමිනි.
ටෙස්ලා සමාගමේ කොටස් මිල පෙර නොවූ විරූ අයුරින් පසුගිය වසරේදී 743% කින් ඉහළ ගොස් ස්ථාවර ලාභ ලැබීමත් සමග ඔහුගේ මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් උත්තේජනය ලැබිණි.