67 views 0 secs 0 comments

අඩි 26,000කින් පහළට වැටුණු බෝයිං 737 …

In World News
July 03, 2025

ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත් බෝයිං 737 යානයක්, චීනයේ ෂැන්හයි නගරයෙන් ජපානයේ ටෝකියෝ බලා ගමන් කරමින් සිටියදී, මිනිත්තු 10ක් ඇතුළත අඩි 26,000කින් පහළට වැටුණු සිදුවීමක් වාර්තා වී ඇත.

අදාළ යානය අඩි 36,000ක උසක සිට අඩි 10,500ක උසකට අධිවේගයෙන් පහත වැටී ඇති අතර, මෙම අවස්ථාවේදී යානා තුළ ඇති වායු පීඩනය අවපාතවීමත් සමඟ මගීන් 191 දෙනා දැඩි අපහසුතාවයට පත්වී ඇත.

මෙම තත්ත්වයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති නමුත්, යානා නියමුවෝ යානය සාර්ථකව ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට ගොඩබැසවීමට සමත් වී ඇති බව වාර්තා වේ.