2025 වසර සඳහා ක්‍රියාත්මක වන පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන, මෙම වසරේදී සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ Sළ්S – 1732/2022 සහතිකය ලබා ඇති වෙළඳ ආයතන 4කින් පමණි.
මෙම ආයතන සෘජුවම පාසල් වෙත පැමිණ සිසුවියන්ට තුවා පැකට් ලබා දෙන අතර, එම ආයතන හැරුණු විට වෙනත් කිසිදු ආයතනයකින් මෙම වැඩසටහන සඳහා සනීපාරක්ෂක තුවා මිළදී ගැනීමට නොහැකි බවයි නියමිතව ඇත්තේ.
