231 views 0 secs 0 comments

ඉන්දුනීසියාවේ සෙමෙරූ පිපිරෙයි….

In World News
December 05, 2021

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරූ ගිනි කන්ද විදාරණය වී එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ දූවිලි මගින් දූපතම අඳුරු ස්වාභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.
ගිනි කන්ද ආසන්නයේ පිහිටි නිවාසවල සිරවී සිටි පුද්ගලයින් 10 දෙනෙකු හෙලිකොප්ටර් යනා මගින් මුදාගෙන ඇති අතර එම දූපතට ඇද හැලෙන අධික වර්ෂාව මුදාගැනීමේ කටයුතු සඳහා බාධා එල්ල කර ඇති බවද වාර්තා වේ.
ඉන්දුනිසියානු ආපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ සිය ගණනක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවය.