
එක්සත් ජනපදයේ පළමු ඔමික්‍රොන් අසාදිතයා හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා සම්පූර්ණයෙන් එන්නත් කරන ලද කැලිෆෝනියාවේ පුද්ගලයෙකි, ඔහු නොවැම්බර් 22 වන දින දකුණු අප්‍රිකාවේ සිට එක්සත් ජනපදයට ආපසු පැමිණ දින හතකට පසුව කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු විය.
දැඩි ලෙස විකෘති වූ ඔමික්‍රොන් සති හතරකට අඩු කාලයකදී දකුණු අප්‍රිකාවේ කොරෝනා වයිරසයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් තිබේ.
මේ වන විට ලොව පුරා ඔමික්‍රොන් රෝගීන් 366 ක් හඳුනාගෙන ඇත.