112 views 0 secs 0 comments

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි

In World News
October 31, 2024

ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි.

හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙන දීපවාලී උත්සවය ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලැබේ.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වන අතර අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදුකරනු ලබයි.