90 views 0 secs 0 comments

ඉන්ධන මිල සංශෝධනයක්…

In Local News
November 01, 2024

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි.

රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313කි.

සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටි අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

සයිනොපෙක් සමාගම රුපියල් 280ක්ව පැවති ලංකා සුදු ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින මිල වන රුපියල් 283 දක්වා ඉහළ දමා තිබේ.