120 views 0 secs 0 comments

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් අභාවප්‍රාප්ත වේ.

In World News
November 30, 2023

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබේ. 1923 ජර්මනියේ දී උපත ලද ඔහු මිය යන විට 100 හැවිරිදි වියේ පසු වුණි.

අමෙරිකානු ජනාධිපතිවරුන් වන රිචඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝඩ් පාලන සමයේදී හෙන්රි කිසිංජර් ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවයේ නිරතව තිබෙන අතර සිය සේවා දිවිය තුළ අමෙරිකානු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිවල මතභේදාත්මක භූමිකාවක් ඉටුකරනු ලැබු අයෙකු ලෙස ද ‍ඔහු සැලකේ.