164 views 0 secs 0 comments

යුක්‍රේනයට ගිය ජෝ බයිඩන්…

In World News
February 20, 2023

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පෙර දැනුම් දීමකින් තොරව යුක්‍රේනයේ කියෙව් අගනුවරට පැමිණ තිබෙන බව විදෙස් මාද්‍ය වාර්තා කර සිටියා.

යුක්‍රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර පුද්ගයින් 107 දෙනෙකු මියයාමේ, නව වැනි සැමරුම සිදු වූ දිනයේ මෙම සංචාරය සිදුව තිබෙන අතර එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා හා යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. එමෙන්ම රුසියානු – යුක්‍රේන ගැටුම් මධ්‍යයේ මෙම සංචාරය ඉතා වැදගත් බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ අතර, රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා මැදිහත්වීමට චීනය සූදානම් වන අතර එම සාකච්ඡා චීනයේ ඉහළ ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වෑන්ග් ඊගේ සහභාගීත්වයෙන් රුසියාවේ මොස්කව් හීදී පැවැත්වෙනු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

පසුගියදා වෑන්ග් ඊ ප්‍රකාශ කළේ, චීනය සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි.