71 views 1 sec 0 comments

ඉන්දියාවේ AI සම්බන්ධ වෘත්තිකයන් මිලියනයක අවශ්‍යතාවක්..

In World News
June 03, 2025

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවක් අනුව 2026 වසර වන විට කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ වෘත්තිකයන් මිලියනයක අවශ්‍යතාවක් ඉන්දියාවේ පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

ඒ අනුව, AI ක්ෂේත්‍රය තුළ ඇතිවෙන දැවැන්ත ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඉන්දියාව මේ වනවිටම සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2047 වසර වන විට ඩොලර් ට්‍රිලියන 23-35 අතර ආර්ථිකයක් බවට පත්වීමට ඉන්දියාව අපේක්ෂා කරන අතර, එවැනි ආර්ථික පරිණාමයක් සඳහා කෘත්‍රිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය සහ අන්තර් විනය නවෝත්පාදන යන අංශ මත පදනම් වූ උසස් අධ්‍යාපනයක් මගින් හැඩගැස්වූ දක්ෂකම් ඇති කම්කරු බලය බිහිකිරීම අත්‍යවශ්‍ය වන බවද වාර්තාවේ සඳහන් වේ.

මෙවැනි දියුණුවකට මූලික දායකත්වය ලබාදෙන්නේ ඉන්දියාවේ ඉංජිනේරු අධ්‍යාපන ක්ෂේත්‍රය බවද වාර්තාවේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.