195 views 0 secs 0 comments

ප්‍රාන්ත සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්..

In Politics, World News
March 11, 2022

ඊයේ පැවති ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සිය පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින්, 2022 ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල මගින් 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කර ඇති බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර සිටියා.

ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත 4ක බලය තහවුරු කරගෙන තිබේ.

උත්තර් ප්‍රදේශ්, උත්තර්කන්ද් ,මනිපූර් හා ගෝව යන ප්‍රාන්ත හතරේ බලය භාරතිය ජනතා පක්ෂය දිනාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

අර්වින්ද් කෙජ්රිවාල්ගේ නායකත්වයෙන් යුතු ආම් ආද්මි පක්ෂය පංජාබ් ප්‍රාන්තයේ බලය තහවුරු කරගෙන තිබේ.