78 views 0 secs 0 comments

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නැහැ – ලිට්‍රෝ සමාගම

In Local News
November 04, 2024

මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලි‍ට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින්.

කිලෝග්‍රෑම් 12.5 රුපියල් 3,690කි.
කිලෝගෑස් 5 රුපියල් 1,482ක් වෙයි.
කිලෝග්‍රෑම් 2.3 රුපියල් 694කි.