61 views 2 secs 0 comments

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති මන්දිරයට අධ්‍යාපන චාරිකාවක්…

In Local News
June 20, 2025

අනුරාධපුර, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් අනුව අද (20) පස්වරුවේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට පැමිණියහ.

මෙම චාරිකාවට එක්වූ සිසුන් ‘Vision’ වැඩසටහනටද සහභාගී විය. එය ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනක් වන අතර, සිසුන්ගේ නීතිමය හා පරිපාලන දැනුම වර්ධනය කිරීම එහි අරමුණ වේ.

පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හා එහි ඉතිහාසය පිළිබඳව සිසුන් දැනුවත් කිරීමත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “Clean Sri Lanka” යන දැක්ම යටතේ විධායක බලතල සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ද ළමුන් දැනුවත් කිරීමත් සිදු විය.

මෙහිදී ජනාධිපති නීති උපදේශක ජේ. එම්. විජේබණ්ඩාර මහතා පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම සලකමින් විද්‍යාලයට සංකේතාත්මක පැළයක් පිරිනමූහ.

අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ, ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් ධනංජය සෙනරත්, විදුහල්පති එම්. ජී. අසංක විජේසූරිය, ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් පිරිසක්ද එක්ව සිටියහ.