Connect with us

Local News

හෙට සහ අනිද්දා දින වල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි…

Published

on

හෙට (20) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර එළඹෙන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා පැය දහයාමාරක කාලයක් කළුතර සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, දකුණ කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝඹුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, දර්ගානගර්, කළුවාමෝදර සහ මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Local News

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසු වූ අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

Continue Reading

Local News

දමිතා යළි තවදුරටත් බන්ධනාගාරගත කෙරේ…

Published

on

By

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (17) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත තිබුණා.

Continue Reading

Local News

අපොස සා පෙළ සිසුන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන සතියේ සිට…

Published

on

By

ලබන සතියේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 කි.

Continue Reading

ප්‍රවණතාවන්