176 views 0 secs 0 comments

රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස මානව හිමිකම් නියෝජිතවරියගෙන් ඉල්ලීමක්…

In Local News
August 22, 2022

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්වූ බව පවසනවා.

එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් ඨ්විට්ටෙර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බවත්, එසේ අත්සන් කළහොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇති බවත් ඇය අවධාරණය කරනවා.