153 views 0 secs 0 comments

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ පරීක්ෂණ කටයුතු CIDයට..

In Local News
August 21, 2022

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස්පති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මොවුන් පිළිබඳ විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති අතර, තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කළ යුතු නිසාවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතල අනුව රැඳවුම් නියෝග ලබාගැනීමට මේ වනවිට විමර්ශන නිලධාරීන් ඉල්ලීම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.