
ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන වේරංග පුෂ්පික ද සිල්වා ඊයේ (27) දිනයේ බස් රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර අධිකරණ නියෝග කඩකරමින්, උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා ඔහුට එල්ල වී තිබුණා.