102 views 0 secs 0 comments

WhatsApp හැක් කිරිම සම්බන්ධ පැමිණිලි ඉහලට…

In Local News
December 02, 2024

WhatsApp හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසා සිටියේ.