ජනවාරි මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම් දී සිටියා. ඒ
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණිනි.
මේ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන අතර කොළඹ දිස්ත්‍රික්කයට අදාල ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහතින් දැක්වේ.
12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වෙයි.
