195 views 0 secs 0 comments

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය…

In Health, World News
July 30, 2022

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති අතර මේ වනවිට එරටින් මන්කිපොක්ස් ආසාදිතයින් 4,298 හඳුනාගෙන ඇත.

ලොව පුරා වාර්තා වන මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය.

මේ වනවිට ලොව රටවල් 78 කින් මන්කිපොක්ස් ආසාදිතයින් හමුවී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ යුරෝපය බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.