212 views 1 sec 0 comments

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට PCR අවශ්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්..

In Health, Local News
February 27, 2022

මාර්තු 01 වැනිදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පූර්ණ එන්නත්කරණය අවසන් වී සති 2 ක් සම්පූර්ණ කළ පුද්ගලයින් එලෙස PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දකවා තිබුණා. එමෙන්ම වයස අවුරුදු 8 හෝ ඊට අඩු දරුවන් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්නම්, ඔවුන් ද පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් සේ සලකන බව එහි සඳහන් ය.

කෙසේ වෙතත් වයස අවුරුදු 12 හෝ ඊට වැඩි පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින් මෙරටට පැමිණීමේදී තවදුරටත් පැය 72 ක් තුළ ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙයි.