
පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් මඟින් යොමුකරන ලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූ ඡන්දදායකයින්ට, එම පත්‍රිකා ලබාගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා ඇත.
එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, ඡන්ද පත්‍රිකාව නොලැබුණු අය ඔවුන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පිටත් වී අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එම පත්‍රිකාව ලබා ගත හැකි බවය.
එමඟින් ඡන්දය භාවිතය සඳහා අත්‍යවශ්‍ය මෙම නිල පත්‍රිකා ලබන මැයි 06 වනදා පස්වරු 4.00 දක්වා ලබා ගත හැකි බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.