640 views 0 secs 0 comments

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හෙට සිට කොවිඩ් එන්නත…

In Local News
February 15, 2021

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට හෙට දිනයේ සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව දැනුම් දෙන ලදී. හෙට උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වන කාල සිමාව තුලදී යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා. පෙබරවාරි මස 16,17,18,19 සහ 20 යන දිනවල දී මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා ගැනීමට හැකියාව ඇත.