මාර්තු 01 වනදා සිට මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.
2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව එළඹෙන 23වනදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සහ තවත් කරුණු කිහිපයක් තහනම් කරඇති බව එහි දැක්වේ.
2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 10 තෙක් පැවැත්වීමට නියමිතවීම නිසා එම සිසුන්ට පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට තීරණයකර තිබේ.
අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා, ඊට අදාළ සියලු පියවර ගන්නා ලෙස සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම, විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබේ.
