ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට අනුකූලව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වනදා සිදුකිරීමට නියමිතය.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංවිධානය කරන මෙම අභ්‍යාසය, යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම මඟින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා කලාපීය මට්ටමේ පවත්වනු ලබයි.
මෙම අභ්‍යාසය තුළින් පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් හේතුවෙන් ඇති වන සුනාමි තත්ත්වයකදී, රාජ්‍ය ආයතන සහ නිලධාරීන් තම සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කරන ආකාරය පිළිබඳ පුහුණුව ලබාගැනීමට අවස්ථාව ලැබේ.
ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5ක් ආවරණය කරනු ඇත.
ප්‍රධාන පෙරහුරුව කළුතර දිස්ත්‍රික්කයේ නොවැම්බර් 5 වනදා උදෑසන 8.30ට ආරම්භ වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙය යුනෙස්කෝ මාර්ගෝපදේශ යටතේ පවත්වන විශේෂ අභ්‍යාසයක් පමණක් වන අතර, මෙය පිළිබඳ අනවශ්‍ය බියක් පවත්වා ගැනීම අවශ්‍ය නොවන බවය.
