2 views 0 secs 0 comments

වයඹ පළාත් ජාතික හැඳුනුම්පත් එක් දින සේවාව ආරම්භය..

In Local News
November 03, 2025

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය අද (03) දින සිට එක් දින සේවා කටයුතු ආරම්භ කර ඇති බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙම සේවාව හරහා වයඹ පළාත් ජනතාවට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සහ ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් ඉතා පහසුවෙන් සිදුකර ගැනීමට හැකි වේ.

පළාත් කාර්යාලය පිහිටා ඇත්තේ —
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වයඹ පළාත් කාර්යාලය, 03 වන මහල, නව වෙළඳ සංකීර්ණය, කුරුණෑගල.

📞 දුරකථන අංකය: 037 2224337
📠 ෆැක්ස් අංකය: 037 2224337