මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ මගින් මේ වන විට රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර ඇත.
ඊයේ (03) වන විට මෙම සන්ධිස්ථානය පසුකර ඇති අතර, රාජ්‍ය ආයතන 200ක් දැනට මෙම ඩිජිටල් පද්ධතියට එක්ව ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
රජයේ සේවාවන්වල ආරක්ෂිත හා මාර්ගගත ගෙවීම් පහසු කිරීමේ අරමුණින් ‘GovPay’ පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය, සහ ලංකා පේ එක්ව හඳුන්වා දී තිබේ.
මෙම පද්ධතිය හරහා බදු, දඩ සහ විවිධ රාජ්‍ය ගනුදෙනු වේගවත් සහ මුදල් රහිත ලෙස සිදුකිරීමට හැකි වන අතර, ඊයේ දිනය වන විට ගනුදෙනු 40,920ක් මේ මගින් සිදුකර ඇති බව වාර්තා වේ.
අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් පද්ධතියට එක්කර ගැනීමත්, රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමාවක් පසුකිරීමත් අරමුණ වී ඇති බවය.
